Sunday, March 15, 2015

රාත්‍රිය


රාත්‍රියට සවන් දුන්නෙමි
මොහොතකට.
පළඟැටි හඬ පමණයි
ඇසුනේ දෙසවනට,
ඒ කත් වියැකිලා ගිය
කල හෙමිහිට.
අමුතු හැඟීමක් ආවා
මගෙ හිතට.
කොළයයි පෑනයි
ගෙන අතට,
ලිව්වෙමි එය
මේ ලෙසට.


''ශබ්දය මිහිරි ය,
නිෂ්ශබ්දය සුමිහිරි ය.''

----
සමීර සම්පත්.

4 comments:

  1. නිෂ්ශබ්දය සුමිහිරියි පාළුවට හුඟක් කැමති මිනිස්සුන..

    ලස්සන කවියක්..

    ReplyDelete